අපේ පාරම්පරික ඉඩම් සමාගම් වලට විකුණන්න එපා - ආදිවාසී නායකයා අධිකරණයට

තමන්ගේ පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් සඳහා පවරා දීමට මහවැලි සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරු වරිගයේ වන්නිල ඇත්තන් අධිකරණය ඉදිරියේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ආදිවාසී නායකයා පවසන්නේ තමාගේ වන නිජබිම රඹකැන් ඔය ආශ්‍රිතව ඇති ඉඩම් බඩ ඉරිගු වගාවක් සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරා දීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි.
මෙම තීරණය නිසා තම වර්ගයාට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව මෙම ඉඩම් අදාල සමාගමට පවරා දීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආදිවාසී නායකයා විසින් ගොනු කර ඇති පෙත්සම සැප්තැම්බර 8 වන දාට කැඳවීමට අධිකරණය දින නියම කර තිබේ.
1022 Views
Comments