පාගොඩ ආනන්ද බාලිකා මාවතේ සුඛෝපභෝගී නිවසක සුපිරි ගණිකා මඩම වටලයි

කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්බාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප‍්‍රදේශයේ දී වටලනු ලැබීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක්, කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාරවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙම තෙමහල් නිවසේ මහල් තුනේම වෙන වෙනම සම්භාහන ආයතන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සම්බාහනය මුවාවෙන් ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පරික්‍ෂණ වලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.
නිරෝධායන නීති මෙන්ම සංචරණ නීතිද කඩකරමින් මෙම ස්ථානයට සේවා ලබා ගැනීමට පුද්ගලයන් පැමිණ ඇති බවත් ජංගම දුරකථන මාර්ගයෙන් හා ඔන් ලයින් ක්‍රමයට කාන්තාවන් රුපියල් 6000 සිට රුපියල් 20,000 දක්වා අධික මිල ගණන් යටතේ මුදලට විකුණා ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකිවූ බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවටගත් සැකකාරියන් හා සැකකරුවන් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එහිදී අත්අඩංගුවටගත් කාන්තාවන් ගාල්ල, වෙන්නප්පුව, දඹුල්ල, සීදුව, බණ්ඩාරවෙල, මැදවච්චිය, බිබිල, වේයන්ගොඩ, කෑගල්ල, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 46ත් අතර පසුවන පදිංචිකාරිනියන් බවත් මෙම කාන්තාවන්ගෙන් කිහිපදෙනකු පළාත් අතර සංචරණ සීමා යොදා ඇති කාලයේදී මෙම නිවසට පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
48208 Views
Comments