සමගි ජන බලවේගයත් දෙකඩ වන ලකුණු - නව පක්ෂයක් පිළිබඳව ඉඟියක්

මෙරට දේශපාලන ප්‍රවාහයට නව පක්ෂයක් එකතුවීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ආරම්භ වී තිබේ.
ඒ කුමාර වෙල්ගම මහතා ඉදිරියේදී තම නායකත්වය යටතේ නව පක්ෂයක් ආරම්භ කරන බව පැවසීමත් සමගයි.
කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
කුමාර වෙල්ගම මහතා මේ වෙනවිට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටි ජ්‍යෙෂ්ඨයෙකු වන අතර පසුව ඔහු සමගි ජන බලවේගය සමග එක් විය.
1491 Views
Comments