දින 11 න් පසු බැසිල් ඇමරිකාවෙන් ශ්‍රීලංකාවට!

හදිසියේ ඇමරිකා බලා පිටත් ගිය ආර්ථික පුනර්ජීවන ජනාධිපති විශේෂ කාර්‍ය් සාධක බළකායේ ප්‍රධානී,බැසිල් රාජපක්ෂ අද දින නැවත මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
ඉකුත් මැයි 12 වැනිදා අලුයම දිවයිනෙන් බැහැර වූ ඔහු මෙලෙස ඇමරිකා සදහා පිටත් වූයේ වෛද්‍ය ප්‍රතිකාර වලට බවත් වාර්තා වුණා.
ද්විත්ව පුරවැසියෙකු වන ඔහු මෙරටට අද දින පැමිණියහොත් නිරෝධායන නීතීන් යටතේ දින 14ක් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන විය යුතුයි.
කෙසේ වෙතත් ද්විත්ව පුරවැසියන් සඳහා නිරෝධායනය නිවසේ සිටම සිදු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට දින කිහිපයකට ඉහතදී නව ක්‍රමවේදයක්ද සෑදු ඒ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වෙන්නේ.
එය ක්‍රියාත්මක වුවහොත් බැසිල් රාජ්පක්ෂට නිවසේ සිට නිරෝධායන වීමට හැකි වෙනවා.
කෙසේ නමුත් මෙම පැමිණීම අද දින අවිනිශ්චිත වුවහොත් ඉදිරි දිනක ඔහු මෙරටට පැමිණීමට කටයුතු කරන බවද දේශපාලන ආරංචි මාර්ගයන් කියාසිටිනවා.
1166 Views
Comments