කැනඩාවේදී බීමත් රියදුරෙකුට බිලිවූ රාජගිරියේ පවුල මියගිය දියණිය උපාධිය ලබා ඇත්තේ දින කිහිපයකට පෙරයි

කැනඩාවේ මිල්ටන්හි බි‍්‍රටානියා යනු මාර්ග අනතුරු බහුල ප‍්‍රදේශයක් වන අතර මේ සතියේ දිනක 28 හැවිරිදි තරුණයකු පැදවූ කැඩිලැක් රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ සූම් රියක් ගැටීමෙන් අවාසනාවන්ත ලෙස සූම් රියේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා මරුමුවට පත්වූහ.
සූම් රියේ සිටි අය වන්නේ අතුල කරුණානන්ද, ඔහුගේ බිරිය වන සොමිකැලූම් හා ඔවුන්ගේ දියණියයි.
දියණිය සිය උපාධිය ලබාගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.
කැඩිලැක් රිය පැදවූ 28 හැවිරිදි තරුණයා අධික බීමතින් සිට ඇති බව හාල්පොන් පොලිසිය සඳහන් කරයි.
සූම් රියට දැඩි හානි සිදුවී එහි ගමන් කරමින් සිටි රියැදුරු හා බිරිඳ එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියාය.
මෙම සිද්ධියට වගකිවයුතු තරුණයා තුවාල ලබා ඇත.
මියගිය අතුල කරුණානන්ද මහතා හා එම පවුල වසර කීපයකට පෙර නාවල, රාජගිරියේ සිට කැනඩාවට ගිය පවුලකි.
මෙම තිදෙනාගේ අවසන් කටයුතු 27 වැනි ඉරිදා මිල්ටන් නුවරදී පැවැත්වීමට නියමිතයි.
37679 Views
Comments