නීති විරෝධීව මෙරටට ගෙනා ගිතෙල් තොගයක් රේගු භාරයට

ව්‍යාපාරිකයකු විසින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ සැක සහිත බහාලූමක් ශ‍්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ගිතෙල් තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා පැවසීය.
අඩි 20 බහාලූමක් තුල සිංගප්පූරුවේ සිටින ව්‍යාපාරිකයකු විසින් මෙරට ව්‍යාපාරිකයා වෙත ඉන්දියාවේ කට්ටුපල්ලි වරායේ සිට පැමිණි වරාඩා නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් ගිතෙල් තොගය මෙරටට ඒවා ඇත.
එම බහාලුමේ ගිතෙල් කිලෝග‍්‍රෑම් 1500ක් අඩංගු වූ අතර එම ගිතෙල් තොගයේ වටිනාකම රු. 2,842,500 බවට තක්සේරු කර ඇත.
මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රු. 1,320,000ක් පමණ වන බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ‍්‍රී ලංකා රේගුවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරන අතර විමර්ශන අවසානයේ පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
838 Views
Comments