සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් සිදුවුනු පළමු මරණය වර්තා වේ

සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජනය අතරතුර සිදුවුණු අවාසනාවන්ත මරණයක් පිළිබඳව මාතර වැලිගම,කොහුණුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයෙක්.
නිවැසියන් පවසන්නේ මියගිය පුද්ගලයාගේ තත්ත්වය අසාධ්‍ය වන විට තමන් දිගින් දිගටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත් නමුත් වැඩවර්ජනය හේතුවෙන් ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු නොදුන් බවයි. ඔවුන් චෝදනා කරන්නේ අවශ්‍ය පියවර ගැනීමට ප්‍රමාද වීම මෙම මරණයට හේතුව බවයි.
පසුව මියගිය පුද්ගලයාගේ දේහය පවා රැගෙන ගොස් තිබුණේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන ගෙන්වාගත් ගිලන් රථයක් මාර්ගයෙනි.
2175 Views
Comments