“කළුතරට ගව ඝාතකාගාරයක් එපා“ හිමිවරු නගර සභාව වටලති

ස්ථීර ගව ඝාතකාගාරයක් ඉදිකිරීමට කළුතර නගර සභාවට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වූ යෝජනාවට විරෝධය පා භීක්ෂූන් වහන්සේලා පිරිසක් කළුතර නගර සභා රැස්වීම මැදට කඩා වැදී සිය විරෝධය ප්‍රකාශ කළහ.
මාසික රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අදාල යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම යෝජනාව සම්මතකර නොගන්නැයි එම භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ.
දකුණු කළුතර, මරික්කාර් විදියේ පවත්වාගෙන යන තාවකාලික ගව ඝාතකාගාරයට ස්ථිර බලපත්‍රයක් ලබාදිය යුතු බවට සභා අනුමැතිය ලබා ගැනීම සඳහා වූ මෙම යෝජනාව සභාපති එම්.අමීර් නසීර් මහතා ඉදිරිපත් කරන බව න්‍යාය පත්‍රයට ඇතුළත්කර තිබුණි.
බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කළුතර බෝධීන් වහන්සේ වැඩ වාසය කරන කළුතර නගරය තුළ මෙවැනි හිංසාවාදී කටයුත්තක් සඳහා කළුතර නගර සභාව ස්ථීර අනුමැතියක් හෝ බලපත්‍රයක් ලබා දීම නුසුදුසු බවත් මෙම යෝජනාවට විරෝධය පල කරමින් මහ සඝරුවන වැඩිදුරටත් කියා සිටියහ.
උතුරු කළුතර ගංගාරාමාධිපති හෙට්ටිපොළ සීවලී, ගංගාරාමවාසී මාතලේ සුනීත, ඈතගම ශ්‍රී විජයාරාමාධිපති මස්පන්නේ ගුණාලංකාර යන හිමිවරු ප්‍රධාන භික්ෂූන් වහන්සේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
842 Views
Comments