ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කටු ඔටුන්න මිකී ගෙන් ගැලවේ

ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර්ගේ වසර දෙකක කොන්ත‍්‍රාත් කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිත අතර පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ග‍්‍රාන්ට් ෆ්ලවර්ගේ සේවා කාලයද එළැඹෙන දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබේ.ග්‍රාන්ට් ෆ්ලවර් මේ වන විට කොරෝනා ආසාධිත නිසා දේශීය වැඩ බලන පිතිකරණ පුහුණුකරුවකුද පත්කොට ඇත.
මිකී ආතර් 2019 වසරේ සිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඔහුගේ කාලය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දක්වා පහතට වැටුණු අතර එක්දින සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා පහළට වැටිණි.
මෙම හේතු නිසා ම ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන වයස 19 න් පහළ කණ්ඩායමේ උපදේශක ධුරයට පත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තාක්ෂණික කමිටවු මගින් යෝජනා කර තිබේ.ක්‍රිකට් කණ්ඩායමේ ඉහල තනතුරු වලට දේශීය හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙ නම් විශාල වශයෙන් යෝජනා වී ඇත
775 Views
Comments