බොරතෙල් නෑ - හෙට සිට සපුගස්කන්ද යළි වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

බොරතෙල් නෑ - හෙට සිට සපුගස්කන්ද යළි වැසේ

බොරතෙල් නෑ - හෙට සිට සපුගස්කන්ද යළි වැසේ

විදේශ විනිමය අර්බුදය හමුවේ බොර තෙල් මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණ හෙට සිට යළි වසා තැබීමට තීරණය කර තිබෙනවා.

 

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දෛනිකව බොර තෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කරන අතර බොර තෙල් සපයා ගැනීමේ අපහසුතා හේතුවෙන් පසුගිය නොවැම්බර් 15 වනදා එය වසා දැමුනු අතර දින 22කට පසු එය යළි ආරම්භ කෙරුණේ දෙසැම්බර් 7 වනදා ය.

 

හෙට වසා දමන පිරිපහදුව මේ මස අවසානයේ යළි විවෘත කිරීමට හැකි වනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

views

1630 Views

Comments

arrow-up