සාකච්ඡා අසාර්ථකයි - දුම්රිය ස්ථානාධිපති වර්ජනය තවදුරටත්

සාකච්ඡා සාධක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ආරම්භ කරන ලද දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බව එම සංගමය පවසනවා.
මේ සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් ඊයේ පවත්වා ඇති අතර එහිදී දුම්රිය සාමාන්‍යඅධිකාරිවරයා විසින් ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට ලිඛිත ලියවිල්ලක් ලබාදී ඇති නමුත් වෘත්තිය සමිති පවසන්නේ එම ඉල්ලීම සඳහා විසඳුම් ලබා දෙන තුරු වර්ජනය අඛණ්ඩව පවතින බවයි.
ඒ අනුව ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත් වනු ඇත.
ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ සිය වෘත්තියට අදාළ උසස්වීම් සහ බදවා ගැනීම් සිදු නොකිරීම සහ නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම ඇතුළු ඉල්ලීම් 25 ක් මුල්කරගෙනයි.
636 Views
Comments