පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තරුණියක් රැවටු යුදහමුදා සෙබලෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණියක් විවාහ කර ගැනීමට පොරොන්දු ලබා දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 34 ක් වන යුධ හමුදා සෙබළකුට බවයි වාර්තා වන්නේ.
ඔහු මනම්පිටිය ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගන්නා බවට ලබාදී තිබු පොරොන්දුවක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමක් පිළිබඳව ලද තොරතුරකට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංචන සහිත නිල ඇඳුමක්, එම නිල ඇඳුමෙන් ලබාගත් ඡායාරූපයක් සහ ව්‍යාජ රු.5000 නෝට්ටු දෙකක් තිබී තිබෙනවා.
සැකකරුව අද පොලොන්නරුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
786 Views
Comments