ගුවන් ගමන් රැසක් අවලංගු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

කොවිඩ් වසංගතය සහ අයහපත් කාළගුණය හමුවේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් අමෙරිකාව ඇතුලු රටවල් රැසක සංචාරකයන්ට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

 

 

ඊයේ දිනයේදී පමණක් ලොව පුරා ගුවන් වාර 4400 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ඉන් 2500 කට වැඩි සංඛ්‍යාවක් සටහන්වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙනුයි.

 

 

කොවිඩ් වසංගතය හමුවේ ගුවන් යානා කාර්ය මණ්ඩල නිරෝධායනයට යොමුකර තිබීම ගුවන් ගමන් අවලංගු කිරිමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

 

 

එමෙන්ම අමෙරිකාවට බලපා ඇති අධික හිමපතනය හේතුවෙන්ද ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

views

700 Views

Comments

arrow-up