ප්‍රියන්ත කුමාර මරාදැමූ ම්ලේච්ඡයින්ට එරෙහිව දැඩි තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
26

ප්‍රියන්ත කුමාර මරාදැමූ ම්ලේච්ඡයින්ට එරෙහිව දැඩි තීරණයක්

ප්‍රියන්ත කුමාර මරාදැමූ ම්ලේච්ඡයින්ට එරෙහිව දැඩි තීරණයක්

පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමණාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ඝාතනය කිරීමේ ම්ලේච්ඡ හා නින්දිත ක්‍රියාව හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මතකර තිබේ.

 

එම යෝජනාව සභානායක ෂශාඩ් වසීම් විසින් ඉදිරිපත් කර තිබුණි.

 

මෙම ප්‍රහාරයෙන් සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මානසික තත්ත්වය පිළිබිඹු කරන බවත් එය පාකිස්තානයේ ප්‍රතිරූපයට පමණක් නොව ඉස්ලාමීය ප්‍රතිරූපයටද කැළලක් බව අදාළ යෝජනාවේ පවසා ඇත.

 

මෙම ම්ලේච්ඡත්වය ඉස්ලාමයේ ආත්මය, මූළධර්ම, ඉගැන්වීම් හා නියෝග, මුහම්මද් නබිතුමාගේ පිළිවෙත්, සදාචාරය, මානව වටිනාකම්, පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතී, සමාජයේ සිරිත් විරිත් සහ සම්මතයන් මුලු‍මනින්ම උල්ලංඝනය කිරීමක් බවද එහි සඳහන්වේ.

 

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ ඥාතීන්ට සංවේගය ප්‍රකාශ කිරීමද අදාළ ඝාතනයට සම්බන්ධ වැරදිකරුවන්ට ආදර්ශවත් දඬුවම් ලබාදෙන ලෙසත් සෙනෙට් සභාව විසින් සම්මත කළ යෝජනාවේ දක්වා ඇත.

 

මේ අතර සියල්කොට් ඛේදජනක සිදුවීමට සම්බන්ධ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක බාබර් අවන් පවසයි.

views

807 Views

Comments

arrow-up