දෙදරු මවගේ 24 හැවිරිදි අනියම් සැමියා 12 හැවිරිදි දියණිය කෙළෙසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

දෙදරු මවගේ 24 හැවිරිදි අනියම් සැමියා 12 හැවිරිදි දියණිය කෙළෙසයි

දෙදරු මවගේ 24 හැවිරිදි අනියම් සැමියා 12 හැවිරිදි දියණිය කෙළෙසයි

12 හැවිරිදි බාල දියණිය නිරුවත් කොට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ බව කියන මවගේ අනියම් සැමියා බියගම පොලිසිය විසින් පසුගිය 27 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

 සැකකාර අනියම් සැමියා එම කාන්තාව හා ඇයගේ 12 හැවිරිදි හා 18 හැවිරිදි දියණියන් සමඟ බියගම, සියඹලාපේ හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාර කාමරයක නවාතැන් ගෙන සිටින අතර එම කාන්තාව සහ වැඩිමල් දියණිය රැකියාවට ගිය අවස්ථාවේදී ඔහු එම අපරාධය සිදුකර ඇතැයි වාර්තාවේ.

 

 සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර මේ කාන්තාව වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තැනැත්තියක්වේ.

 

අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට රාගම මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර අනියම් සැමියා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

බියගම පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

17780 Views

Comments

arrow-up