JUL
04
පොහොර සහ කෘමිනාශක නොමැති බවට ගොවීන්ගෙන් චෝදනා

මෙතෙක් වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘමිනාශක ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අසමත් වී ඇති බවට රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවීන්ද්‍ර ජානක මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඊයේ(03) දින ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ යල කන්නයේ වගාවන් ආරම්භ වී කලක් ගත වුවද තවමත් පොහොර සහ කෘමිනාශක ලැබී නොමැති බවයි.
182 Views
Comments