ගුද මාර්ගයේ අයිස් හා කේරල ගංජා සඟවාගෙන සිටි රැඳවියෙක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

ගුද මාර්ගයේ අයිස් හා කේරල ගංජා සඟවාගෙන සිටි රැඳවියෙක් මාට්ටු

ගුද මාර්ගයේ අයිස් හා කේරල ගංජා සඟවාගෙන සිටි රැඳවියෙක් මාට්ටු

ගුද මාර්ගයෙහි අයිස් හා කේරල ගංජා සඟවාගෙන සිටි බන්ධනාගාර රැඳවියෙකු අගුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අදාළ සැකකරු හෙරොයින් චෝදනාවකට වරදකරු වී බන්ධනාගාර ගතවූ අයෙක්.

 

ඊයේ(26) දින සිදුකළ සෝදිසි කිරීමක දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙන අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1930 සහ කේරල ගංජා මිලිග්‍රෑම් 1830 සොයාගෙන තිබෙනවා.

 

අදාළ සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

views

220 Views

Comments

arrow-up