දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක්

දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක්

දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

 

ඒ අනුව භාණ්ඩ රැගත් පළමු නෞකාව ජූලි මස පළවෙනිදා කන්කසන්තුරය වරාය වෙත පැමිණීමට නියමිත බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබෙනවා.

 

ඉන්ධන,පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙම වැඩපිළිවෙල යටතේ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති අතර කොළඹ වරායට වඩා කන්කසන්තුරේ වරාය වෙත මෙවැනි නෞකාවකින් භාණ්ඩ රැගෙන ඒමේ දී දැරීමට සිදුවන්නේ අඩු ප්‍රවාහන වියදමක් බවද එතුමා තවදුරටත් සඳහන් කර සිටියා.

views

228 Views

Comments

arrow-up