වතුර ටැංකියට බිලිවූ අවුරුදු දෙකේ පුංචි සිඟිත්තා

පොලොන්නරුව, වැලිකන්ද, නාගස්තැන්න ගම්මානයේ අවුරුදු දෙකයි මාස දහයක් වයසැති පිරිමි දරුවෙකු වතුර ටැංකියට වැටීමෙන් මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ වැලිකන්ද නාගස්තැන්නේ එම්. ඒ මිනුක නමැති සිඟිති දරුවෙකි.
දරුවා නිවසේ තබා මව, සහ පියා, කුඹුරට ගොස් ඇති අතර ඒ අතර දරුවා අසල නිවසට ගොස් නිවස ඉදිරිපිට වතුර ටැංකියට ගොඩවීමට උත්සාහ දරා තිබේ.
එහිදී දරුවා එම ටැංකියට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය කියයි.
290 Views
Comments