DEC
29
දියර කිරි මිලත් ඉහළ යන ලකුණු

වෙළඳපොලේ දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ ගොස් ඇති පසුබිමක කිරි ලීටරයක මිල ද රු. 20කින් ඉහල දැමිය යුතු බව කිරි ගොවීන් පෙන්වා දෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළේ දියර කිරි මිල ඉහළ දැමිය යුතුය යන මතයේ තමා ද සිටින බවයි.
මීට අමතරව දියර කිරි ඇසුරුම් සඳහා රජය විසින් පනවන ලද 5%ක බද්ද හේතුවෙන් දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා.
කෙසේ නමුත් මෙම බද්ද ඉවත් කර ගැනීමට මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියා.
376 Views
Comments