රවීගේ මුළු පවුලම ඇප පිට නිදහස්

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා සහ පවුල අත්අඩංගුවට ගැනුනේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් අධිකරණයට කළ පැමිණිල්ලකට අනුවයි.
ඒ මෙම පිරිස විසින් වැල්ලවත්තේ පිහිටි නිවසකට අනවසරයෙන් කඩා කඩාවැදීම දේපළ පවරා ගත් බවට චෝදනා කරමිනි.
අසාත් සාලි මහතා ද රක්ෂිත බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවලදී පැමිණිලිකාර පාර්ශවය ඊට පෙනී නොසිටි අතර පසුව හිටපු ආණ්ඩුකාර වරයා විසින් තම දේපළ අයුතු ලෙස භාවිත කළ බවට වෙනම නඩුවක් ද ගොනු කර තිබෙනවා.
852 Views
Comments