සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොර ඇරේ

ඔස්ට්‍රේලියාව ඊයේ(15) සිට විදේශ සිසුන්ට සහ සංචාරකයින්ට විවෘත කර තිබේ.
කොවිඩ් 19 වෛරසයේ පැතිරීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයින් සඳහා වසා දමා තිබුණි.
එමෙන්ම එරට ටස්මේනියා ප්‍රාන්තයද ප්‍රාන්ත සීමා ඊයේ සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කර තිබෙන්නේ එරට වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශද මේ වනවිට ලිහිල් කර ඇති බවයි.
ඒ අනුව එම ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳසැල්වලට පැමිණීමට මෙන්ම මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට පූර්ණ එන්නත්කරණය අවශ්‍ය නොවනු ඇත.
681 Views
Comments