දුම්රියට පැන්නාද? ගැටුණාද? - පුතාට විවාහ හතරක්.. පියා, මව, පුතා ගැන තොරතුරු රැසක් එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

දුම්රියට පැන්නාද? ගැටුණාද? - පුතාට විවාහ හතරක්.. පියා, මව, පුතා ගැන තොරතුරු රැසක් එළියට

දුම්රියට පැන්නාද? ගැටුණාද? - පුතාට විවාහ හතරක්.. පියා, මව, පුතා ගැන තොරතුරු රැසක් එළියට

ඊයේ(08) දිනයේ උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා, මව සහ පුතා ජිවිතක්ෂයට පත්ව ඇතැයි වටවල පොලිසිය පැවසිය. 

 

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ දිඹුල පතන, බෝගහවත්ත නව නිවාස සංකිර්ණයක පදිංචිව සිටි එස්.ෆැන්සිස් (70) (පියා), පි. කමලාවති (65) (මව), ෆැන්සිස් කුමාර්රාජ්(41) (පුතා) යන අයයි.

 

රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදිය ඊයේ(08) උදෑසන 11.45ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටි තිබේ.

 

මොවුන් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසරකට පමණ පෙර දිඹුල පතන, බෝගහවත්ත නව නිවාස සංකිර්ණයේ කුලි පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

 

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළඟා විමට පෙර එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් පිළිබඳ විමසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු සඳහන් කළේය.

 

මොවුන් තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබඳව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ අරඹා ඇත.

 

දුම්රියේ ගැටිණු තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට භාරදිමට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබේ.

 

දින 10කට පමණ පෙර මොවුන් තිදෙනා නිවාස වසා දමා නිවසින් බැහැරව ගොස් ඇති බවත් ඊයේ(08) දින දුම්රිය අනතුරකින් මියගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවයත් මිය ගිය තිදෙනා කුලි පදනම මත පදිංචිව සිටි නිවාස අසල පදිංචිකරුවෙකු පැවසීය.

 

මිය ගිය පුතා කුළුබඩු වෙළඳාමේ නිරතව සිටි අයෙකු බවත්, මිය ගිය පුතා විවාහ 04 ක් සිදු කරගෙන ඇතැයි තොරතුරු ලැබුණු බවත්, එසේ විවාහ වු කාන්තාවන් අවස්ථා ගණනාවකදිම මියගිය පුද්ගලයා සොයගෙන නිවසට පැමිණි බවත් ප්‍රදේශවාසිහු පැවසූහ.

 

ණයකරුවන්ගෙන් බේරිමට පුතා සිය පියා සහ මව සමඟ දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි ප්‍රදේශවාසින් වැඩිදුරටත් පැවසීය.

 

මුදල් වංචා සම්බන්ධයෙන් මිය ගිය පුතාට එරෙහිව දිඹුල පතන පොලිසියේද පැමිණිලි කිහිපයක් ප්‍රදේශවාසින් විසින් කර ඇති අතර එලෙස පොලිසියට පැමිණිලි කල විශාල පිරිසක් මියගිය පුතාව සොයා නිවසට අවස්ථා කිහිපයකදි පැමිණි බවද දිඹුල පතන බෝගහවත්ත ප්‍රදේශවාසහු කියා සිටියහ.

views

9662 Views

Comments

arrow-up