අවුරුදු 12 සිට තම ගොළු දියණිය වසර 08ක් තිස්සේ දූෂණය කල නරුම පියා අත්අඩංගුවට

අවුරුදු 20ක් වයසැති තම බාල ගොළු දියණියට කාලයක් තිස්සේ ලිංගික අතවර කළ පියෙකු පසුගිය 14 වනදා බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණයට ලක්වූ තරුණිය ඇගේ වැඩිමහල් සොහෝයුරියගේ නිවසට මීට මාස කිහිපයකට පෙර පැමිණ ඇත.
ඇයට කතරගම ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට යන ලෙස සහෝදරිය පැවසීමෙන් පසු එසේ යෑමට නොහැකි බවත් පියා තමාට ලිංගික අතවර කරන බවත් ගොළු බසින් සහෝදරියට පවසා ඇත.
අවුරුදු 12 සිට පියා විසින් තමාට අතවර කළ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
අදාළ සිදුවීම පිළිබඳව බුත්තල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අතවරයට ලක්වූ තරුණියගේ 52 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ.
සැකකාර පියා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කතරගම පොලිසියට භාරදී ඇති අතර බුත්තල හා කතරගම පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.
12759 Views
Comments