කර්නල් බිරිඳගේ මෝටර් රථය කෑලි කෙරූ හතරක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

කර්නල් බිරිඳගේ මෝටර් රථය කෑලි කෙරූ හතරක් අත්අඩංගුවට

කර්නල් බිරිඳගේ මෝටර් රථය කෑලි කෙරූ හතරක් අත්අඩංගුවට

මානුශීය මේහෙයුමේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිඳට අයත් බව කියන රුපියල් කෝටියක් පමණ වටිනාකමකින් යුත් කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයින් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වන දින සොරකම් කර ඇතැයි කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියෙකු වෙනත් පුද්ගලයෙකු යොදවා එම රථය සොරකම් කර ඇති බවද පැවසීය.

 

පොලිසිය විසින් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු සමඟ සොයාගෙන තිබේ.


කෑලිකර තිබූ මෝටර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගත් බව පොලිසිය පැවසීය. 

 

සැකකරුවන් ඊයේ(08) අලු‍ත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

views

782 Views

Comments

arrow-up