DEC
02
කොවිඩ් මරණ 26ක් වාර්තා වෙද්දී දෛනික ආසාදිතයින් 744ක් හඳුනාගැනේ

ඊයේ(01) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 744 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 564,733 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම තවත් කොවිඩ් ආසාදිත මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ පසුගිය 30 වනදා තහවුරු කර ඇති බවයි.
එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,372කි.
698 Views
Comments