ප්‍රදේශ රැසකට වැසි තත්වයේ වැඩිවීමක් - මුහුදු යෑමත් අවදානම්

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී ඇති අතර මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී ඇති අතර මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව ඇත.
මේ හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙස දැනුම් දෙනු ලැබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 45පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට, පොතුවිල් හරහා මඩකලපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.
ගාල්ල සිට හම්බන්තොට සහපොතුවිල් හරහා මඩකලපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
680 Views
Comments