MAY
15
වැලිගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් රෝහලට

වැලිගම පැලැන ප්‍රදේශයේ ඊයේ(14) සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
පුද්ගලයන් කිහිපදෙනකු එක්ව වැලිගම පැලැන ධිවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
641 Views
Comments