ආග්‍රා ඔයෙන් මතුවූ කාන්තා මළ සිරුර

ඩයගම ප්‍රදේශයේ ආග්‍රාඔයේ තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ(06) පස්වරුවේ ඩයගම පොලීසිය විසින් ගොඩගෙන තිබේ.
එම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඒ පිළිබඳව දැක පොලීසිට ලබාදුන් තොරතුරක් අනුව එම මළ සිරුර ගොඩ ගෙන ඇත.
ඩයගම වතුයායේ 05 වන කොටසේ පදිංචිව සිටි 53 හැවිරිදි ස්වාමිනාදන් තංගේෂ්වරි නැමති කාන්තාවකගේ බව පොලීසිය කියයි.
ඇය තනිව වාසය කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ඊයේ(06) සවස හමුවූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඩයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2494 Views
Comments