VIP / VVIP පුද්ගලයන්ට කොරෝනා එන්නත හොර රහසේ දෙන බවට සමගියෙන් චෝදනා

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත කැබිනට් අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට හොර රහසේ ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.
සමගි ජනබල වේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ ඊයේ දිනයේදී එන්නත ලබා ගැනීම සඳහා පැමිණි මැති ඇමති වරුන්ගේ නම් මාධ්‍ය වලින් ප්‍රසිද්ධියට පත් කර තිබුණද කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල අමාත්‍යවරයා එන්නත ලබා ගත් බව ප්‍රකාශ කළ බවයි.
එම නිසාම ඔවුන් අනුමාන කරන්නේ අමාත්‍ය සහ ඔවුන්ගේ පවුලේ බිරින්දෑවරුන් දරුවන් එන්නත හොරරහසේ ලබාගෙන ඇති බවයි.
කොරෝනා වසංගතය හමුවේ රටේ ජනතාව අසරණ වී ඇති අවස්ථාවක VIP VVIP පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල අයට එන්නත ලබාදීම සදාචාරාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
652 Views
Comments