2020 O/L ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවැති ආකාරයෙන්ම පැවැත්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

2020 O/L ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවැති ආකාරයෙන්ම පැවැත්වෙයි

2020 O/L ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවැති ආකාරයෙන්ම පැවැත්වෙයි

සාමාන්‍ය පෙළ විභාගය විෂයන් වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ලිපි විභාගයෙන් පසු පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

 

ඒ අනුව 40 - සංගීතය (පෙරදිග) / 41 - සංගීතය (අපරදිග) / 42 - සංගීතය (කර්ණාටක) / 44 - නැටුම් (දේශීය) / 45 - නැටුම් (භරත) / 50 - නාට්‍ය හා රංගකලාව (සිංහල) / 51 - නාට්‍ය හා රංගකලාව (දෙමළ) සහ 52 - නාට්‍ය හා රංගකලාව (ඉංග්‍රීසි) යන විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන අතර එම දිනයන් සහ පැවැත්වන ස්ථාන පිළිබඳ විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

views

808 Views

Comments

arrow-up