“ජීවත් වෙන්න ඕනෑ හින්ද මේ කරුම රස්සාව කරන්නෙ” - ලොව පැරණිම රස්සාවට ගිය සුරූපි කතුන් පොලිසිය හැඬවූ හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

“ජීවත් වෙන්න ඕනෑ හින්ද මේ කරුම රස්සාව කරන්නෙ” - ලොව පැරණිම රස්සාවට ගිය සුරූපි කතුන් පොලිසිය හැඬවූ හැටි

“ජීවත් වෙන්න ඕනෑ හින්ද මේ කරුම රස්සාව කරන්නෙ” - ලොව පැරණිම රස්සාවට ගිය සුරූපි කතුන් පොලිසිය හැඬවූ හැටි

විවිධ පළාත්වලින් කොළඹට පැමිණ ගණිකා මධ්‍යස්ථානයක සේවය කරන සුරූපි තරුණ කාන්තාවන් හත්දෙනකු පසුගියදා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් කළ පාපොච්චාරණය අසා පොලිස් නිලධාරීන්ගේ හදවත් කම්පාවට පත් විය.

 

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මහරගම ප්‍රාදේශයේ පවත්වාගෙන ගිය මෙම ගණිකා තිප්පළේ සේවය කළ තරුණියෝ යාපනය, වවුනියාව, හැඳල, මීගමුව, කොච්චිකඩේ, බඹරකැලේ, නාවලපිටිය යන පළාත්වල පදිංචිකාරියෝ වෙති.

 

“අනේ සර් අපි ජීවත් වෙන්න ඕනෑ හින්දා මේ රස්සාව කරනවා. අද කාලේ හැටියට ආදායමක් නැතිව ජීවත් වෙන්න බැහැ”

“කවුරුත් රස්සාවල් දෙන්නේ නැහැ. රස්සා ආයතනවලටත් හතවැදිලා. අපි ගෙවල්වලින් පිටත් වුණේ කොළඹ ගාමන්ට්වල වැඩ කරන්න යනවා කියලයි. අපි හම්බ කරන මුදලින් ගෙවල්වල මවුපියන් සහ පවුලේ සියලුදෙනාම නඩත්තු කරන්න ඕනෑ.

 

ඔයාලගේ දුක වේදනාව ගැන අපි දන්නවා. ඒත් අපිට කරන්න දෙයක් නැහැ. මේ වැඩ නීති විරෝධී විතරක් නොවෙයි. මුළු සමාජයටම පිළිලයක් යැයි පැවසූ පොලිසිය සැකකාරියන් හත්දෙනා අධිකරණයට යොමු කිරීමට පියවර ගත්තේය.

 

පසුගිය දින කීපය තුළ මෙවැනි ගණිකා නිවාස රැසක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් වටලා ඇත.

views

257 Views

Comments

arrow-up