රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා කළු විරෝධතා සතියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා කළු විරෝධතා සතියක්

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා කළු විරෝධතා සතියක්

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බවය.

 

මීට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව  ඔහු සඳහන් කළේය.

 

ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.

views

241 Views

Comments

arrow-up