නව ක්‍රීඩා පරිපාලන රෙගුලාසි දැඩි කරන්නැයි හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

නව ක්‍රීඩා පරිපාලන රෙගුලාසි දැඩි කරන්නැයි හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු ඉල්ලයි

නව ක්‍රීඩා පරිපාලන රෙගුලාසි දැඩි කරන්නැයි හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු ඉල්ලයි

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කල නව ගැසට් නිවේදනයෙන් පැනවෙන කොන්දේසිවලට අනුවයි  වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ඉදිරි නිලවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.

 

දෙවරක් ධුර කාල සම්පූර්ණ කිරීම සහ වසර 8 ක විධායක කමිටු සාමාජිකත්වය සම්පූර්ණ වීම ඊට හේතුවයි.

 

එමෙන්ම ක්‍රීඩා පරිපාලනයට වයස අවුරුදු 70 ක උපරිම වයස් සීමාවක් පැනවීම හේතුවෙන් ද ක්‍රිකට් සහ තවත් ක්‍රීඩා සංගම් රැසක වත්මන් නිලධාරින්ට ඉදිරියේ නිලවරණයට තරග කිරීමට ඉඩ අවස්ථාව අහිමිවනවා.

 

හිටපු ක්‍රිකට් අතුරු කමිටු සභාපති වරයෙක් වූ සිදත් වෙත්තමුණි මහතා මෙම සංශෝධනය ඵලදායී නොවන බව පැවසූ බවට වාර්ථා වේ.

views

173 Views

Comments

arrow-up