ගින්න නිවීමට ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි

කොවිඩ් වෛරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්කල පිරිසක් සිටින ලග්ගල වැල්ලේවල ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට ගිය පුද්ගලයෙකු ගින්න නිවීම සඳහා පැමිණි ජල බවුසරයට යටවී මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලිසිය පවසයි.
ගින්න හටගත් වෙළඳසැල ආසන්නයේම නිවසක පදිංචි බි. ආර්. සිසිර කුමාර නැමැති 48 හැවිරිදි එක්දරු පියෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ වැල්ලේවල නගරයේ පිහිටි තොග වෙළඳසැලක පෙරේදා (16) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව මෙම ගින්න නිවා දැමීම සඳහා ප්‍රදේශයේ පෞද්ගලික ජල බවුසර් කිහිපයක්ද එම ස්ථානයට ගෙනැවිත් ගින්න පාලනය කරමින් සිටියදී වෙළඳසැලට යාබද තවත් පටු මාර්ගයකින් බවුසරයක් පැමිණ ගින්න නිවීම සඳහා උත්සාහ කරමින් සිටියදී රථය ඉදිරියට ධාවනය වන අවස්ථාවේදී ඊට යටවී මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවූ බවුසරය පැදවු පුද්ගලයා පොලිස් බාරයට ගෙන ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයාගේ දේහය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
778 Views
Comments