ලබන 23 සිට ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම සංචාරකයින්ට විවෘතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

ලබන 23 සිට ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම සංචාරකයින්ට විවෘතයි

ලබන 23 සිට ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම සංචාරකයින්ට විවෘතයි

සෞඛ්‍ය අංශය නිර්දේශ කරන මාර්ගඋපදේශවලට යටත්ව ලබන විසි එක් වෙනිදා සිට සංචාරකයින් සඳහා ගුවන්තොටුපල නිල වශයෙන් විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍යවරයා පවසනවා.

 

කොරෝනා වසංගත හේතුවෙන් මාස 10ක කාලයක් කටුනායක සහ මත්තල ගුවන්තොටුපල ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබුණා.

 

ජනවාරි 23 වනදා සිට නැවත එම වාණිජ ගුවන් ගමන් ක්‍රමානුකූලව යථා තත්වයට පත්වනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

 

සෞඛ්‍ය අංශ නිර්දේශ කරන මාර්ගඋපදේශ උල්ලංඝනය කරන ආයතන වලට සංචාරකයින් ගෙන්වීම සහ පහසුකම් සැලසීමට අවස්ථාව නොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

 

views

569 Views

Comments

arrow-up