රජය බලයේ සිටින්නේ කිසිඳු ජන බලයක් නොමැතිවයි – ගම්මන්පිළ

ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇති ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කැප වූ හැටනම ලක්ෂය නියෝජනය කරන පුද්ගලයන්ම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි බවත්, ඒ අනුව වත්මන් පාලකයන් බලයේ සිටින්නේ කිසිදු ජන බලයක් නොමැතිව බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂ 11 කණ්ඩායම සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
630 Views
Comments