ගෝඨාභයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් සාස්තරයක් අහන්නයි ආවෙ..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

ගෝඨාභයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් සාස්තරයක් අහන්නයි ආවෙ..!

ගෝඨාභයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් සාස්තරයක් අහන්නයි ආවෙ..!

අනුරාධපුරයේ ඥානක්කා හෙවත් ඥානා මෑණියන් නමින් හඳුන්වනු ලබන කාන්තාවගේ දේවාලය වෙත සමගි ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ පිරිසක් (02) දින පාගමනින් ගමන් කරනු ලැබුවා.

 

කෙසේ නමුත් එහිදී පොලිසිය ව්සින් ඊට බාධා පැමිණවීම හේතුවෙන් පාගමන අතරමග නතර කිරීමට සිදු විය.

 

දේශපාලඥයෙක් හෝ ව්‍යාපාරිකයෙක් නොවන කට්ටඩි කාන්තාවක් හට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ මන්දැයි එහිදී පොලිස් නිලධාරීන්ගෙගෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති බැවින් ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොදිය හැකි බවයි.

 

පොලිස් නිලධාරියා එසේ පැවසුවද දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමක් මෙතෙක් සිදුවී නොමැත.

 

කෙසේ නමුත්, ඉන් පසුව රැස්ව සිටි පිරිස අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ නූගත් කාන්තාවකගේ උපදෙස් මත රාජ්‍ය පාලනය කිරීම වහාම නතර කළ යුතු බවයි.

 

“අපි ඇමරිකාවට යන්නෙ නෑ. අපි ඉපදුනෙත් මෙතන මැරෙන්නෙත් මෙතන. මිනිස්සුන්ට කන්න නෑ, තෙල් නෑ, කිරිපිටි නෑ ගෑස් නෑ. අනුරාධපුරේ මිනිස්සු මැරෙනවා. චීනෙන් පෝර කියලා අසූචි ගෙනවා. කවදාවත් නැතුව වී කරල් බල්ලොත් කනවා. මෙහෙම රටක ගෝටා ලාදුරු වගේ ගේ ඇතුලට වෙලා තියෙනවා.” යැයි ඇය පවසනවා.

views

710 Views

Comments

arrow-up