උපදෙස් නොතැකූ ඇඟලුම් කම්හලක් අධිකරණ තීන්දුවෙන් වැසෙයි

වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන නීතිරීතින් උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ඇගළුම් කර්මාන්ත ශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම කර්මාන්ත ශාලාව තුළ සිදුකළ PCR පරීක්ෂණ 50කින් 16ක්ම ආසාදිත ලෙස හදුනා ගැනීම එයට හේතුවයි.
සෞඛ්‍ය බලධාරීන් මීට පෙර එම ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමන ලෙස උපදෙස් ලබා දුන්නද හිමිකරු විසින් එය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කර තිබුණි. මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අතර එහිදී ඔහුට රුපියල් 10,000 ක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මම නිදහස් කිරීමට පියවර ගැණුනා.
අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ එම කර්මාන්ත ශාලාව වසා දැමීමටයි.
818 Views
Comments