ආසාත්මිකතා තියෙන අයට කොවිඩ් එන්නත ගන්න පුළුවන්ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

ආසාත්මිකතා තියෙන අයට කොවිඩ් එන්නත ගන්න පුළුවන්ද?

ආසාත්මිකතා තියෙන අයට කොවිඩ් එන්නත ගන්න පුළුවන්ද?

කොවිඩ් එන්නත ලබා ගැනීම ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට සුදුසුයිද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් BBCයට පැහැදිලි කර තිබුණා.

 

ඔහුගේ පැහැදිලි කිරීමට අනුව පහත පුද්ගලයින් සඳහා කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු හා නුසුදුසු වේ.

 

එන්නත නිෂ්පාදනයට යොදා ගන්නා ඕනෑම සංඝටකයකට ඔබට දරුණු ආසාත්මිකතා ඇති කරන්නේ නම් ඔබ එන්නත ලබා ගැනීමෙන් වැළකිය යුතුයි.

 

එන්නතේ පලමු මාත්‍රාව ලබාගැනීමෙන් පසු ඔබට දරුණු ලෙස ආසාත්මිකතාවයන් ඇති වූවා නම් ඔබටත් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සුදුසු නොවේ.

 

ඔබ එන්නත් හෝ ආහාර පාන, සතුන්, සර්ප විෂ, රබර් හෝ පාරිසරික සංඝටක වලට මින්පෙර ආසාත්මිකතා දැක්වුවත් කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකියි.

 

ඔබට හෝ ඔබේ පවුලේ අයට ඖෂධ ආසාත්මිකතා ඇතිවීම පිළිබඳ ඉතිහාසයක් පැවතියද ඔබට covid එන්නත ලබාගත හැකිය.

 

නමුත් එන්නතක් ලබා ගැනීමේදී ඔබට ක්ෂණික ආසාත්මිකතාවක් ඇති වී තිබේ නම් කොවිඩ් එන්නත ලබා ගැනීමට පෙර වෛද්‍යවරයකු ගැන විමසීම් කළ යුතු වේ.

 

එන්නත ලබා ගැනීමෙන් පසු සෑම පුද්ගලයෙකුම මිනිත්තු 15 ක කාලයක් යම අසාත්මිකතා ලක්ෂණයක් පෙන්නුම් කරන්නේද යන්න නිරීක්ෂණය කරයි.

 

 

 

 

 

 

 

 

 

 

source:aruna

views

722 Views

Comments

arrow-up