කථානායක අත්සන් කිරීමටත් පෙර චීන සමාගමක් ආයෝජකයන් කැඳවලා - රංජිත් මද්දුම බණ්ඩාර

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණා.
උපුටා ගැනීම,
වරාය නගරය පිළිබඳව පනත ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තමා සතු බහුතර බලය භාවිතා කර ජයග‍්‍රහණය කර තිබේ. එය ජනතාවගේ ජයග‍්‍රහණයක් නොව ගජමිතුරු දේශපාලනයේ, ගජමිතුරු ආර්ථිකයේ ජයග‍්‍රහණයකි.
පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩුව් හැසිරීම උද්දච්චකම අපූරුවට පැහැදිලි කළ අවස්ථාවකි. පනතට අදාළව විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන අධිකරණ ඇමැතිරයා ප‍්‍රතික්ෂේප කළ උඩ`ගු ස්වරූපය පෙන්නුම් කළේ අපරනිත බව මෙන්ම බලයෙන් මත්වීමයි.
වරාය නගරයේ පනතට කථානායකතුමා අත්සන්කොට සහතිකය ලබාදීමට පෙර 21 වැනිදාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සමාගමක් වන CHEC Port City Colombo හි කළමනාකාර අධ්‍යක්‍ෂ ජියැං හවිලියැං : (Jiang Houliang) කොළඹ වරාය නගරයේ දේශීය හා විදේශීය සමාගම්වලට ආයෝජන අවස්ථාවන් විවර කරන බව කියා සිටී.
වරාය නගරය පනත පිළිබඳව සමගි ජනබලවේගය මුල සිටම පෙන්වා දුන් ස්ථාවරය වූයේ මෙම පනත මගින් උත්සාහ දරනුයේ ශ‍්‍රී ලංකා රජයට වග නොකියන ආයතනික ව්‍යුහයක් ගොඩනැඟීම බවයි. මෙම පනතේ බිහිසුණු බව අධිකරණ ක‍්‍රියාදාමයෙන්් අවම කළද අනතුර තවම පහව ගොස් නොමැති බව මෙම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙයි.
වරාය නගරය පිළිබඳව කොමිසමට සාමාජිකයන් පත්කිරීමද නොකර තිබියදී කොමිසම බලාත්මක කිරීමට කථානායක අත්සන් හෝ තබා නොමැති අවස්ථාවක චීන සමාගමක් ආයෝජකයින් කැඳවීමට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේ යටිපෙළ නිවැරැුදිව තේරුම් ගැනීම අතිශය වැදගත්ය.
මේ මොහොතේ අප දකින්නේ කඩිමුඩියේ ආයෝජකයින් කැඳවීමට උත්සාහ දරන ආණ්ඩු පාර්ශ්වයේ මාධ්‍ය සාකච්ඡුාවයි. ඒවාට සහභාගි වන්නන් වරාය නගර පනත පිළිබඳව මෙම තීරණයට ඉතසිතින්ම දායකත්වය දැරූ පිරිසයි. මේ මොහොතේ රට අත්විඳින ඛේදවාචකය කුමක්ද වරෙක මහත්මා ගාන්ධිතුමා ප‍්‍රකාශ කළ ලෙසටම වහල්භාවය යනු පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන්ම විපතට හෙළා ඇති විට පවා ඔබ විසින් පාලකයින්ගේ ගුණ ගායනා කිරීමයි’ යන ප‍්‍රකාශය යථාර්ථයක් බවට පත් කරන පිරිසකගේ කි‍්‍රයා කලාපය තුළින් රට අනතුරේ හෙළීමයි. වරාය නගරයේ මෙහෙයවීම පාර්ලිමේන්තුවට වගකියන පූර්ණ කොමිසමක් බවට පත් කිරීමට සමගි ජන බලවේගය දිගින් දිගටම කටයුතු කරන බව අවධාරණය කරමු.
951 Views
Comments