ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක් ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තව ත් අමෙරිකානු ඩොලර් මිලියන 250ක ණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර ඇතැයි බංගලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ඒ.කේ. අබ්දුල් මෝමන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (29) කොළඹදී පැවති බිම්ස්ටෙක් සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එය මීට පෙර ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ආකාරයේම විනිමය හුවමාරු ක්‍රමය (SWAP) යටතේ ඉල්ලා ඇති ණය මුදලක් බව ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, කෙසේ වෙතත් ඒ පිළිබඳව සලකා බලන බවත් එම ණය මුදල ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්ය.
බංග්ලාදේශය ද බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩි වශයෙන් ආනයන මත යැපෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ හේතුවෙන් මේ වන විට පවතින රුසියානු-යුක්‍රේන යුද්ධයෙන් අනතුරුව බංග්ලාදේශ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් පිළිබඳවද සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.
මෝමන් මහතා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ මුහුණ පා ඇති අපහසුතා සලකා බලා විනිමය හුවමාරු ක්‍රමය යටතේ බංග්ලාදේශය මීට ලබා දුන් ඩොලර් මිලියන 250ක ණය මුදල නැවත ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමටද කටයුතු කළ බවය.
911 Views
Comments