බියගම ෆෙස්බුක් සාදයක් වටලා තරුණියෝ දෙකක්, තරුණයෝ 14ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
22

බියගම ෆෙස්බුක් සාදයක් වටලා තරුණියෝ දෙකක්, තරුණයෝ 14ක් අත්අඩංගුවට

බියගම ෆෙස්බුක් සාදයක් වටලා තරුණියෝ දෙකක්, තරුණයෝ 14ක් අත්අඩංගුවට

බියගම ප්‍රදේශයේ අවන්හල් භූමියක මුහුණු පොත ඔස්සේ දැන හැඳිනගෙන සාදයකට එක් වී සිටි තරුණියන් දෙදෙනෙකු සමග තරුණයන් 14 දෙනෙකු බියගම පොලිසිය විසින් පෙරේදා(20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ තරුණ පිරිස ඊට පෙරදින(19) රාත්‍රියේ මෙම ස්ථානයට පැමිණ පසුදින(20) උදේ වන තෙක්ම එහි සාදයේ රැදී සිට තිබේ.

 

මේ සම්බන්ධව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

 

ඉන් එක් තරුණයෙකු ළඟ පමණක් අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 40ක් තිබී හමු වූ අතර සෙසු පිරිස ළඟ මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බව කියැවේ.

 

ඒ අනුව මත්ද්‍රව්‍ය ළඟ තිබී හමු වූ තරුණයා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යන අතර සෙසු පිරිසට තරයේ අවවාද කොට මවුපියන් වෙත භාරදීමට කටයුතු කරන ලදී.

 

මෙම තරුණ පිරිස කොළඹ කොටහේන ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ට අඩු වියේ පසුවන්නන්වේ.

views

246 Views

Comments

arrow-up