ජනාධිපති මන්දිරේදී වෙඩි තිබ්බේ අහසට - යුද හමුදාව

කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් 09 වැනි දින බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහදැරූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකළ බවත් විරෝධතාකරුවන් එම පරිශ්‍රය වෙත ඇතුලුවීම වැළැක්වීම උදෙසා අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුලුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් තැබූ බවත් යුද හමුදාව නිවේදනය කරයි.
අහසට වෙඩි තැබීම සහ ගේට්ටු පැති බැම්මට වෙඩි තැබීම, වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කළ බවත් එය කිසිසේත්ම විරෝධතාකරුවන්ට ශාරීරික හානියක් සිදුකිරීම සඳහා ගත් පියවරක් නොවන බව යුද හමුදාව සිය නිවේදනය සදහන් කරයි.
යුද හමුදා භටපිරිස් හිතාමතා හානිකිරීමේ අරමුණින් වෙඩි තැබූ බවට ප්‍රචාරය වන වීඩියෝ පට කිහිපයක් සම්බන්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවධානය යොමුව ඇති බවත් යුද හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
විරෝධතාකරුවන් ඉලක්කකොට වෙඩි තැබූ බව පවසන මෙම සමාජ මාධ්‍ය පුවත් යුද්ධ හමුදාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බවද යුද හමුදාව සිය නිවේදනය හරහා අවධාරණය කරයි.
264 Views
Comments