අර්බුදයට විසඳුම් සොයන්න අගමැතිගෙන් කමිටුවක්

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් පත් කර තිබේ.
ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.
693 Views
Comments