පළාත් අතර මගී ප්‍රවාහනය ලබන 01 වැනිදා සිට ඇරඹේ

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යොදවන බවයි.
දිනපතා උදේ සවස කාර්යාල වේලාවන්හිදි පමණක් මේ ආකාරයට බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවද එතුමා පැවසුවේය.
බස්රථ මෙන්ම සීමිත දුම්රිය ප්‍රමාණයක්ද පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා දිගටම යොදවන බව කී අමාත්‍යවරයා පළාත් අතර මගී ප්‍රවාහනය සඳහා යොදවන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහතික කරන බස්රථ වලින් සීමිත සංඛ්‍යාවක් පමණක් බවද පැවසුවේය.
සැර ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය පැතිරෙමින් තිබෙන හෙයින් ජනතාව පළාත් අතර ගමන් කිරීමේදී දැඩි ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවත් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර මගී බස් රථ දුම්රිය යොදා ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමුණුගම මහතා සඳහන් කළේය.
පළාත් අතර ධාවනය වන බස් රථවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහතිකය අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතුය.
810 Views
Comments