විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලැබෙන ලෙස මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දී තිබේ.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයින් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද නාමලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන් වේ.

මීට අමතරව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ “ඉ” (e) ඡන්ද ක්‍රමය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ කොමිෂන් සභා නිලධාරීන් මෙහිදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැනුවත් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

 

views

560 Views

Comments

arrow-up