20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ජනපතිට හා කථානායකට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කර ගොණු කල පෙත්සම් 37 කට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් ඊයේ පස්වරුවේ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබෙනවා.
එම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ලබන 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 38 ක් විවිධ පාර්ශව විසින් ගොනු කළේය.
ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණා.
797 Views
Comments