ධීවරයෙකුටත් කොරෝනා - දික්ඕවිට ධීවර වරාය තාවකාලිකව වැසේ

හලාවත, අඹකදවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීම හේතුවෙන් දික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
අදාළ ආසාදිතයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු වන අතර 08 වැනිදා මෙම වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ගමන් කර තිබෙනවා.
තවත් ධීවරයින් 5 දෙනෙකු සමග මුහුදේ සිටියදී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් යළි පැමිණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී හෙළිිිවණා.
අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙන අතර මේ හේතුවෙන් යාත්‍රාවේ සිටි සෙසු ධීවරයින් 5 දෙනා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් එම ධීවරයා සමග මුහුදට ගිය සෙසු ධිවරයින් 06 දෙනා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන ගත්තා.
704 Views
Comments