එංගලන්තයෙන් ලෝක වාර්තාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

එංගලන්තයෙන් ලෝක වාර්තාවක්

එංගලන්තයෙන් ලෝක වාර්තාවක්

 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17)  එක්දින ජාත්‍යන්තර තරගයකදී එක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට සමත් විය. අද පැවති එංගලන්ත - නෙදර්ලන්ත පළමු එක්දින තරගයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවීමට එංගලන්තට හැකි විය.

 

  ලකුණු 481ක් ලබා එහි මීට පෙර වාර්තාව පිහිටුවා ඇත්තේ ද එංගලන්ත කණ්ඩායමයි.

 

 ෆිල් සෝල්ට් ලකුණු 122 (පන්දු 93), දාවිඩ් ම්ලාන් ලකුණු 125 (පන්දු 109) සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 162 (පන්දු 70) ලෙස එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්, ශතක තුනක් රැස් කළහ.

 

මෙම තරගයේදීම එංගලන්ත පිතිකරුවන් 6 පහර 26ක් එල්ලකර තවත් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත.

views

234 Views

Comments

arrow-up